ඉදිරි දින වලදී අපට මුහුණ දීමට නියමිතව ඇත්තේ අන්තර් මෝසම් වැසි සමයකටයි.ගිගුරුම් සහිතව ඇදහැළෙන මහ වැසි හේතුවෙන් තවත් බොහෝ කරදර පීඩා අප කරා පැමිණිය හැකි ය..එවන් සමයක ඇතිවන අකුණු අනතුරු පිළිබඳව දැන් දැන් බොහෝ පිරිස් දැනුවත් ය.අතීතයට සාපේක්ෂව අකුණු අනතුරු මරණ අවම වන්නට ඒ දැනුවත් වන්නට පුළුවන.ඒ ආකාරයට අකුණු අනතුරු පිළිබඳව බොහෝ මිනිසුන් තමන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන තරමට ඒ හේතුවෙන් අහිංසක සතුන්ට විපත් ගෙන දෙන අයුරු නොසිතති.
විශේෂයෙන් සුනඛාදී සතුන් පසුගිය කාලයේ දී අකුණු සැර වැදී මිය යන්නට ප්‍රධානම හේතුව හිමි කරුවන්ගේ නොසැලකිලිමත් කමයි .අකුණු සැරෙන් බේරෙන්නට තම-තමන් පරිස්සම් වූ තරමින් අංශුමාත්ර යක් හෝ සතුන් පිළිබදව ත් සිතුවානම් එම අනතුරු බොහොමයක් වලකා ගන්නට හැකිව තිබූ ඒවා බව පැහැදිලිවෙයි.
එලෙස අකුණු සැර වැදී මිය ගිය බොහෝ සතුන් එම අවස්ථාවේ දී සිට ඇත්තේ යකඩ දම්වැල් ලා වීම ඊට හේතුවයි .යකඩ හා අකුණු සැර අතර පවතින සම්බන්ධතාවය ඔබට අමුතුවෙන් පැවසිය යුතු නොවේ .එහෙත් දම්වැල් නොලා කූඩු වල රඳවා සිටි සුනඛයන්ට හෝ වෙනත් සතුන්ට අකුනු සැර බොහෝවිට අනතුරුදායක නොවේ. ඊට හේතුව කූඩුවේ පාද හතර භූමයට පැවතීම නිසා අකුණු සැරයේ බලපෑම සතුන් වෙත එල්ල නොවීමයි .බොහෝ විට මෙසේ දම්වැල් වලින් බැඳ තබන සුනඛයගේ ඒ දම්වැල සම්බන්ධ කොට ඇත්තේ ද ලෝහ කනුවකට ය.ඒ නිසා ඒ කනුවට එල්ල වන අකුණු පහර කෙලින්ම සුනඛයා වෙත ඒම වැලැක්විය නොහැක.මෙවන් අවස්ථාවල සමහරෙකු සුනඛයන් දම්වැල් වලින් බැඳ කරට දැමූ සම් පටියකට ඒ දම්වැල සම්බන්ධ කරති.එහෙත්,ඉන් එම සතාට සිදු වන අනතුරේ බිහිසුණු බව අඩු නොවේ.එබැවින් මින් ඉදිරියට හෝ අසරණ සතුන් අකුණු අනතුරුවලින් වලකා ගැනීම කෙරහි හිමි කරුවන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතුවේ .ගිගුරුම් සහිත වැසි පවතින විටදී අලි ඇතුන්ගේ පාද ගෙල සිරකර ඇති යදම් ඉවත් කර ඒ වෙනුවට වෙනත් ආරක්ෂිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නටත් සුනඛයින් බැඳ තැබීමට අවශ්‍යම නම ඒ සඳහා යොදන යකඩ දම්වැල් වෙනුවට අකුණු ආකර්ෂණය නොවන එමෙන්ම සතාට පීඩාකාරී කොවන මාධ්‍යයකින් තැනූ දේ භාවිතා කරන්නටත් අප මානුෂීය විය යුතු නොවේද ?(කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ මහතාට අපගේ ස්තුතිය)
උත්පලා සුභාෂිණී ජයසේකර .