සුනාමියට දාහත් වසරයි;ප්‍රධාන සැමරුම පැරෑලියේ දී

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 ක් පිරීම නිමිත්තෙන් ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අන්දමට.මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය සීමිත ජනතා සහභාගීත්වයකින් ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී අද (26) පෙරවරු 8.30 සිට 10.30 දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි දී රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම සුනාමි ව්‍යසනයයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන් ද මෙම අවස්ථාවට එක්වන අතර ඔවුන් විසින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.සුනාමි ව්‍යසනයට හසුව හානි වී යළි යථාතත්වයට පත් කොට සුනාමි රළ පහර චිත්‍රණය කළ අංක 591 දරන M2 මනිටෝබා දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේදී පැරෑලිය වෙත පැමිණෙන අතර ව්‍යසනයෙන් මියගිය අයගේ ඥාතීන් පිරිසක් ද මෙහි පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වීමට නියමිත බව වාර්තා වේ.

කාලීන පුවත්