සුරාසල් විවෘතව තබන වේලාවන් දිගු කිරීමේ සැලසුමක්

සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය හෙවත් දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඇමති වරයා ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් කීය.වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවත් නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.මෙම තත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවල සුරා සලක් වෙත යාමට කිලෝ මීටර් 80ක පමණ දුරක් ගෙවිය යුතු බව ද බව ද කියා සිටියේය.මීට පෙර මෙම සුරාසල් රාත්‍රී කාලයේ ද විවෘතව තැබීමේ වැදගත්කම සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ද ප්‍රකාශ කළ අතර මෙරට සංඝ සමාජයෙන් ඊට විරෝධයක් පළ නොවීම ද විශේෂත්වයකි.නමුත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට සුරා බදු ආදායම් ප්‍රවර්ධනය සඳහා රජය මෙලෙස කටයුතු කළ ද සුරාපානය මුල් කොට හට ගන්නා රෝගාබාධ සුව කිරීම පිණිස ද ජාතික ධනය සැලකිය යුතු අන්දමින් වැය කිරීමට රජයට සිදු වේ.නමුත් ජනතාව තුළ සුරාවට එරෙහි ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙන් සුරාව පාලනය කිරීමට ඇති හැකියාව සිය පර්යේෂණ අධ්‍යයනයන් මඟින් ඉන්දීය සමාජ විද්‍යාඥයන් වරින් වර පෙන්වා දී තිබේ.

 

කාලීන පුවත්