සුළං බලාගාර ව්‍යාපෘති අරඹන්න අදානි සමාගම ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘති ලබන ජුනි මාසය වන විට ආරම්භ කිරීම සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දියාවේ පළ වන “ද හින්දු” පුවත්පත වාර්තා කොට තිබේ.එම පුවත් පත පෙන්වා දෙන්නේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන අතර ගාස්තු ගැටලුවක් හේතුවෙන් මන්නාරම, පුනරින් හි පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගියදා ලිඛිතව දැනුම් දීමක් කර තිබුණි.එහෙත්, අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවතා දැමීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කොට ඇත.ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ කටයුතු යළි ජුනි මාසය වන විට ආරම්භ කිරීමට අදානි සමාගම අපේක්ෂා කරයි.නමුත් මන්නාරමේ පිහිටි එම ව්‍යාපෘති ඉසව්ව ඔස්සේ සංක්‍රමණික කුරුළු මංපෙතක් පැවතීම මත එය සිදු නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කෙරුණු පෙත්සමක් ද මේ වන විට විභාග වෙමින් තිබේ.

කාලීන පුවත්