සෙනරත්ගම “විජේරත්න මාමා” කළුරිය කරයි

ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන ගල්ගමුව, සෙනරත්ගම “ගිමන් හල” පරිසර උද්‍යානයේ අහිංසා ශ්‍රී ලංකා සංවිධානය මඟින් තනවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ඡායාරූප වල පරිමානය දැක්වීම පිණිස යොදාගත් මානව රූප ආදර්ශකය සඳහා ස්වේඡාවෙන් පෙනී සිටි සෙනරත්ගම පදිංචි ජී.පී විජේරත්න( විජේරත්න මාමා) මහතා අභාවප්‍රාප්ත විය.සිව් දරු පියෙකු වන ඒ මහතා මියයන විට වයස අවුරුදු හැට පහකි. දේහය පිළිබඳ අවසන් කටයුතු අද(29) සවස 04ට ගල්ගමුව,සෙනරත්ගම පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.එම ස්මාරකයේ ප්‍රධාන නිමැවුම වන සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් ඉදිරියෙන් තම ඡායාරූපය සහිත සමරු කළඹක් නිකුත් වීම හා පාදෙණිය අනුරාධපුර මාර්ගයේ සෙනරත්ගම ප්‍රදේශයේ  පුවරු කිහිපයක් ප්‍රදර්ශනය වීමත් සමඟ ප්‍රදේශවාසී තරුණයන් තමන් “ඇත්ගොව්වා” ලෙසින් හඳුන්වන බව ඒ මහතා කියා සිටියේ මහත් සතුටිනි.ජී.පී විජේරත්න මහතාගේ අභාවය පිළිබඳව අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ සහ vinivida.lk වෙබ් අඩවියේ සාතිශය සංවේගය මෙසේ පළ කරමු.

කාලීන පුවත්