සේවයට වාර්තා කිරීමට ඉන්ධන නොලැබුණොත් ලංගම සේවකයෝත් වර්ජනයක

මේ දිනවල පොදු ප්‍රවාහන සේවයේ විශාල කාර්ය භාරයක් ඉටු කරන ලංගම සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් නොකරන්නේ නම් අද(08) දහවල් 12 සිට සේවයෙන් ඉවත් වන බව ලංගම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දන්වා තිබේ.එමෙන්ම පෞද්ගලික බස්රථ ධාවනය සීමා වීම හමුවේ පොදු ප්‍රවාහන සේවා කටයුතු අනලස් ව ඉටු කරන අතරේ වැඩි ආදායමක් හිමිවෙමින් පවතින කාලවකවානුවක ලංගම බස් රථ සේවය අඩපණ වීමෙන් රජයට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බව ද එම වෘත්තීය සමිති සඳහන් කොට ඇත.

කාලීන පුවත්