සෞඛ්‍ය වෘත්තීයවේදීහු සංකේත වැඩ වර්ජනයක

සිය වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා අද(18) පෙරවරු 7.00 සිට දිවයින පුරා රෝහල්වල සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.නමුත් රෝහල්වල හදිසි , අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් සියලුම වසා,පිළිකා,මාතෘ හා වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ද මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද සදහන් කරයි.

කාලීන පුවත්