සෞඛ්‍ය ඇමති කෙහෙලිය විශ්වාස භංගයෙන් පැරදුණොත් ඉර බස්නාහිරෙන් පායයි

     ලබන 6,7,8 යන දිනවල පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය  ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වුවහොත් ඉර බස්නාහිරින් පායනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ එම  විශ්වාස භංග යෝජනාවෙන් සෞඛ්‍ය ඇමති වරයා නොපැරදීම මත රටේ ජනතාව පරාජයට පත් වන බවකි.වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ අදහස් පළ කළේ යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
කාලීන පුවත්