හදිසි නීතියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් විරෝධය

මේ වන විට පනවා ඇති හදිසි නීතිය වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර කරයි.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරනුයේ හදිසි නීතිය පැනවිම තුළින් සාමකාමි විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමක් සිදුවන බවයි.රජයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දැනට පවතින අස්ථාවර පසුබිම තවදුරටත් වර්ධනය විය හැකි බවත්, සාමාන්‍ය පුරවැසියන්ගේ යහපැවැත්මට හානි කරමින් විරෝධතාකරුවන්ට මෙන්ම ආරක්ෂක නිලධාරීන්ටද හානි සිදු විය හැකි බව ද එහි සඳහන් වෙයි.එවැනි අයහපත් වාතාවරණයක් හමුවේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි බැවින්, හදිසි නීතිය වහා ඉවත් කරන ලෙස සිය රජයට බල කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මහජන විරෝධයට ඇහුන්කන් දෙමින් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

කාලීන පුවත්