හම්බන්තොට දිසාවේ වී වගා පසුබෑමක්

හම්බන්තොට දිසාවේ වී වගා පසුබෑමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් වී වගාව සඳහා යොදා ගැනෙන හෙක්ටයාර් 36887 ක ප්‍රමාණය මෙවර 2021-2022 මාස් කන්නයේ දී හෙක්ටයාර් 5146 කින් අඩු වී ඇති බව බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.එච් අමරසිංහ මහතා පවසයි.ඒ අනුව මෙම මහ කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කොට ඇත්තේ හෙක්ටයාර් 31741ක ප්‍රමාණයක් බව පෙන්වා දෙන අමරසිංහ මහතා එම බිම් ප්‍රමාණය කෙසෙල් වැනි වෙනත් බෝග සඳහා යොදා ගෙන ඇති බවක් ද වාර්තා වී ඇතැයි කීය.

කාලීන පුවත්