හයිඩ් පාක් සත්‍යග්‍රහය විරෝධතාවක් නොවේ

හයිඩ් පාක් සත්‍යග්‍රහය විරෝධතාවක් නොවේ අද(24)ප.ව 03ට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන සත්‍යග්‍රහය රටේ කිසිදු පාර්ශවයකට එරෙහි විරෝධතාවක් නොවන බවත් එය කිසිදු ජාතියකට ආගමකට සීමා වූවක් නොවූවක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.ශ්‍රී ලංකාවේ අනාගත යහපැවැත්ම සඳහා පොදු ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිගන්නා ඕනෑම පුරවැසියකුට එක් විය හැකි මෙම සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පැවැත්වෙන්නක් වන අතර ඒ සඳහා එක් වීම පිණිස සුදු වතින් සැරසී හයිඩ් පිටියට පැමිණෙන ලෙස අබේවර්ධන මහතා මෙරට සියළු පාර්ශවයන්ට අයත් ජන කොටස් වලින් ඉල්ලා සිටියි.

කාලීන පුවත්