හය වරක් අගමැති කම් කළ රනිල් හත් වන වර ජනපති ලෙස දිවුරුම් දෙයි

හය වරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටයි.පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය න්‍යායාත්මක අගය කළ සහ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන ලෙස වික්‍රමසිංහ මහතා දෙස් විදෙස් වල ප්‍රකටව සිටියි.

කාලීන පුවත්