හර්තාලය සාර්ථකයි;සවස් කාලයේ පස්වරුවේ රටම වීදි බැසීමේ සූදානමක්

ජනාධිපති වරයා අගමැති වරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අද (06) දිනයේ අරඹා ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය මේ වන විට සාර්ථක ලෙස දියත් කෙරෙමින් තිබේ. බොහෝ නගර සහ උප නගර වල කඩ සාප්පු වසා දමා ආණ්ඩුවට විරෝධය පළ කරනු පිණිස ඇතැම් ප්‍රදේශ වල කලු කොඩි ද ඔසවා තිබේ. එමෙන්ම රාජ්‍ය අංශ සිය රාජකාරී කටයුතු වලින් ඉවත්වීම තුළ අද වන විට අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ද බිඳ වැටී තිබේ.පෞද්ගලික අංශ සේවකයෝ ද මෙම හර්තාලයට සහය දක්වති. දුම්රිය,ලංගම සහ පෞද්ගලික බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවා ද මුළු මනින්ම අඩාල වී තිබේ.බොහෝ ප්‍රදේශ වල ත්‍රිරෝද රථ රියැදුරෝ ද අතවශ්‍යම සේවාවන් හැර ධාවනයෙන් වැලකී සිටිති.මේ නිසා බොහෝ නගර මේ වන විට හිස් පාළු ස්වාභාවයක් ගෙන ඇති මුත් අද පස්වරුවේ රට පුරා සාමාන්‍ය ජනතාව ද ආණ්ඩුවට විරෝධය පෑම පිණිස ආසන්නතම නගර වෙත රැස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්