හරිනි ගේ මනාප වාර්තාව විජිත හේරත් බිඳ හෙලයි

පාර්ලිමේන්තු මැතිවරණයක දී ශ්‍රී ලංකා ඉතිහාසය මේ වන විට වැඩිම මනාපය ලබා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය බව සඳහන් වුව ද මේ වන විට මෙවර වැඩිම මනාපය ලබා ගෙන ඇති අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතා වාර්තාවක් තබා ඇත.ඔහු මනාප ඡන්ද 716,715ක් ලබා ඇති බව ඊයේ(15) සන්ධ්‍යා කාලයේ දී නිවේදනය කෙරිණ.මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරමින් මනාප 527,364ක් ලබා ගත් ඔහු මේ වන විට මෙම මනාප වාර්තාවේ තෙවන තැනට පත් ව තිබේ.

කාලීන පුවත්