හාවාගල කඳුවැටියට ගිති තබති

බෙලිහුල්ඔය අද්දර පිහිටි මනරම් හවාගල කඳු වැටියට ඊයේ(12) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.අප වෙත වාර්තා වන අන්දමට මේ වන විට ඉන් අක්කර සිය ගණනක් විනාශ වී තිබේ.මේ වන විට පවත්නා වියළි කාලගුණය ගින්න පැතිර යාමට හේතුව බව කියති.වනයේ සතුන් දඩයම් කිරීම ආදී හේතූන් මුල් කොට සුදු වන මෙවන් ගිනි තැබීම් මේ වන විට ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් තිබේ.හවාගල යනු දෙස් විදෙස් සංචාරක පාරාදීසයකි. බෙලිහුල්ඔය සිට ඉහළගලගම ලදුයාය මාර්ගයේ 6-7 ක්ම් ගමන් කර ඉහලගලගම ග්‍රාමය වෙත ළඟා විය හැක. එතැන් සිට කන්ද වෙත පයින් ගමන් කළ යුතුය . තේ වතු මැදින් වැටී ඇති අඩිපාර ඔස්සේ ගමන් කරන සංචාරකයෝ හවාගල තරණය කරති.හාවාගල වටා පිහිටි නන්පෙරියල් වතුයාය, සමනළ වැව, හෝර්ටන්තැන්න , රත්නපුර , බලංගොඩ එහි සිට ඉතා මනරම්ව බලාගත හැකිය.මේ කාලයේ පවත්නා වි‍යළි කාලගුණික තත්වය මුල් කොට මෙවැනි බිහිසුණු අපරාධ කරන්නවුන්ට දැඩි දඬුවම් දිය යුතුයැයි පරිසර ලෝලීහු කියති.

කාලීන පුවත්