කිසිදු පදනමකින් තොරව හිටිහැටියේ ආපනශාලා වල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි .ඒ අනුව මෙම මස 06 වැනිදා අදාල පැමිණිල්ල සිදුකරන බව සභාපති වරයා කියයි. තේ කෝප්පයක් රුපියල් 5.00 කින් කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින් කෙටි ආහාර වර්ග රුපියල් 10.00 කින් බත් පාර්සලයක් රුපියල් 25.00 කින් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් රුපියල් 50.00 කින් ඉකුත් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබූ අතර මෙසේ හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට තීරණය කොට ඇති බවක් පැවසීම මත ආපනශාලා වෙත ඇදෙන පාරිභෝගිකයන් අඩුවීම මුල් කොට එම ව්‍යාපාර බිඳ වැටීමේ අවදානමක් පවතින බව.ආපනශාලා හිමි කරුවෝ පවසති.