හිරුණිකා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරන තමා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඬ්හ්ස් අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත ඊයේ (13) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින්. ඇය පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණ පරාජයට ආසන සංවිධායකවරුන් වගකිවයුතු බවත් ඔවුන් නිසි පරිදි වගකීම් ඉටු නොකිරීම හේතුවෙන් එම පරාජයේ සිදුවූ බවටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු විසින්ම කරන ලද චෝදනාව අසා තමන් දැඩි කලකිරීමට පත්වූ බව ය.එමෙන්ම මේ වන විට තමන් ‘අපි ඇත්තටම මේ කරන්නේ කුමක්ද’ යන ගැටලුවක සිටින බව ද ඇය කීවා ය.තමන්ට සමගි ජනබලවේගය යටතේ මැතිවරණයට තරග කරන්නට අවස්ථාව ලබාදී ඇති බව සත්‍යයක් වන නමුත් ඒ ඉදිරියට දේශපාලන කටයුතු සිදු වලින් ඉවත් වීමට තීරණය කළ පසුබිමක බව ද ඇය පැවසුවා ය.

කාලීන පුවත්