මැදපෙරදිග කලාපය පුරා පැතිර යමින් පවතින නොසන්සුන් ස්වභාවය වැඩි කරමින් නොවැම්බර් 2 වැනිදා අලුයම් කාලයේ දී ඊශ්‍රායලයේ උතුරින් පිහිටි ෂැරොන් පළාතට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එයින් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති වාර්තා වේ. එමෙන්ම මධ්‍යම ඊශ්‍රායලයේ ටීරා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පැවසේ. මේ ප්‍රහාරය පසුපස ඉරානයේ බලපෑමක් තිබේ ද යන ප්‍රශ්නාර්ථය මේ වන විට නැගෙමින් පවතී. ඉරානයේ බළල් අතක් ලෙස ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය හරහා මේ ප්‍රහාරය එල්ල වූයේ ඉරානයේ වුවමනාවට බව ඊශ්‍රායලය චෝදනා කරයි. කෙසේ නමුත් මෑත කාලයේ ඉරානයේ යුදමය වශයෙන් වැදගත් මර්මස්ථාන රැසකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයෙන් පසුව ඉරානය අනුගමනය කරන අඛණ්ඩ නිහඬ පිළිවෙත පිළිබඳ ද සැක පහළ වී තිබේ. එසේ හෙයින් හිස්බුල්ලා සංවිධානය මේ එල්ල කරන ලද ප්‍රහාරය පසුපස ඉරානය සිටින බව විවිධ පාර්ශ්ව සැක පහළ කරති.
ලෙබනනය මුලික කර ගෙන ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය එහි ආරම්භය සිදු වූ 1980 දශකයේ සිටම ඉරානය සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. එයට මූල්‍යමය ආධාර, පුහුණුව සහ නවීන යුද උපකරණ ලබා දෙමින් මේ කලාපයේ පවතින ඉරානයේ ප්රබලතම මිත්‍ර පාර්ශ්වයක් බවට එය පත් කරන්නට ඉරානය පියවර ගත්තේ ය. ඉරානයේ භූදේශපාලනමය වගකීම් ඉටු කරමින්, කාලයත් සමග මැදපෙරදිග කලාපය තුළ පවතින ඉරානයේ ප්රබලතම බළල් අත බවට හිස්බුල්ලා සංවිධානය පත් විය. ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර සහ උතුරේ පළාත් වෙත එල්ල කරන ලද හිස්බුල්ලා ප්‍රහාරය මේ නිසා ටෙහෙරාන් පාලනයේ අවශ්‍යතාවට අනුව සිදු වූවක් යැයි දේශපාලන සහ යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉතිහාසය මුළුල්ලේ ම හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර යම් ගැටුමක් සිදු වූයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් පවතිද්දී ය.
මෑතක දී ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඉරානය අනුගමනය කරමින් යන නිහඬ පිළිවෙත අසාමාන්‍ය තත්ත්වයකි. ඉරානය කරනු ලබන්නේ මේ ප්‍රහාරය හෙලා දකිමින් නිවේදන නිකුත් කිරීම සහ තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම පමණි.
මෑතක දී ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඉරානය අනුගමනය කරමින් යන නිහඬ පිළිවෙත අසාමාන්‍ය තත්ත්වයකි. ඉරානය කරනු ලබන්නේ මේ ප්‍රහාරය හෙලා දකිමින් නිවේදන නිකුත් කිරීම සහ තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම පමණි. අනෙක් අතට ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මේ නිහඬ පිළිවෙත පසුපස ඇත්තේ දීර්ඝ උපක්‍රමයක් විය හැකි බවය. ඉරානය ඇතැම් විට ප්රකෝපකාරී වාතාවරණයක් ඇතිවීම මග හැර, පහළ මට්ටමේ ප්‍රවේශයක් අනුගමනය කරමින් සිය බලපෑම හිස්බුල්ලා සංවිධානය ඔස්සේ පෙන්නුම් කරනවා වන්නට ද පුළුවන. මේ ස්ථාවරය අනුගමනය කරමින් ඉරානය ඊශ්‍රායලය මත දිගින් දිගටම පීඩනය එල්ල කිරීමේ සිය ඉලක්කය සපුරා ගන්නා අතරේ ඉක්මනින් සිදු විය හැකි පූර්ණ පරිමාණයේ හමුදා ගැටුමක් මග හරින්නට ද කටයුතු යොදන බව පෙනෙන්නට තිබේ.
අනෙක් අතට ඉරානයේ නිහඬ පිළිවෙත රට අභ්‍යන්තරයේ පවතින අර්බුදකාරී තත්ත්වන් නිසා ඇති වූවක් ද විය හැකිය. ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනමය අසහනකාරී බව ද, පූර්ණ යුධ ගැටුමකට මැදිහත් වීමට ඇති හැකියාව පසුබස්වා ඇති බව පෙනේ. නිහඬව සිටීම මගින් ඉරානය සිය රටේ පුරවැසියන් අතර පවතින නොසන්සුන්කාරී බව සමනය කරන අතරේ වක්‍ර මාර්ග ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කොට ඇති බව පෙනේ.
නොවැම්බර් 2 වැනි දා සිදු වූ හිස්බුල්ලා ප්‍රහාරය ඔවුන්ගේ ඕනෑකමකට වඩා එකට එක කිරීමේ ප්‍රතිචාරයක් ලෙස පෙනෙන්නට තිබෙන බැව් විශ්ලේෂකයෝ පවසති. ටෙල් අවිව් සහ අනෙකුත් උපාය මාර්ගික ස්ථානයන්ට එල්ල කරන ලද ප්‍රහාරය, පූර්ණ පරිමාණයේ යුද්ධයකට නොගොස් පැහැදිලි පණිවිඩයක් ඊශ්‍රායලය වෙත ලබා දෙන්නට සැලසුම් කරන ලද්දක් බව පෙනේ. එනම් තමා ඍජු ලෙස මුහුණට මුහුණ සටනකට පැමිණෙනවාට වඩා මිත්‍ර පාර්ශ්වයන් ඔස්සේ කතා කරන්නට කැමති බවය.
ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ හිස්බුල්ලා ප්‍රහාරය මගින් පෙන්නුම් කරන්නේ ඉරානය අනුගමනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින වඩාත් පුළුල් උපායමාර්ගයක් වන්නට ද හැකි බවය. එනම් බළල් අතක් ඔස්සේ ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම ඊශ්‍රායලයට පීඩනය ඇති කිරීමය. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඉරානයට සිය දෑත් සෝදා ගත හැකිය.
අවසානයක් නොපෙනෙන මේ ගැටුමට කලාපයේ වෙනත් රටවල් ද එක් වීමේ අවදානමක් ද තිබේ. මේ කලාපය පුරා යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් පැතිර ගියහොත් එය ලෝක ඉන්ධන සැපයුම අඩාල කරන්නට හේතු විය හැකිය.
ඊශ්‍රායලය දකුණු ලෙබනනය සහ අනෙකුත් හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර දේශ සීමා මායිම්වල ඇති නගරවලින් පිරිස් ඉවත් කර ගැනීමේ කටයුත්තක ද නිරතව සිටිනු දකින්නට තිබේ. එයින් අදහස් වන්නේ ඔවුන් හිස්බුල්ලා සංවිධානය සමඟ ද දීර්ඝ කාලීන යුද්ධයකට සූදානම් වෙමින් සිටින බවය.
අවසානයක් නොපෙනෙන මේ ගැටුමට කලාපයේ වෙනත් රටවල් ද එක් වීමේ අවදානමක් ද තිබේ. මේ කලාපය පුරා යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් පැතිර ගියහොත් එය ලෝක ඉන්ධන සැපයුම අඩාල කරන්නට හේතු විය හැකිය. කෙසේ නමුත් නොවැම්බර් 2 වැනිදා ප්‍රහාරයෙන් මැදපෙරදිග කලාපයේ අර්බුදයේ සැබෑ මුහුණුවර පෙන්නුම් කරයි. ඉරානයේ නිහඬ බව දීර්ඝ කාලීන උපාය මාර්ගයක් ද යන්න නොබෝ දිනකින් දැක ගත හැකි වනු ඇත. තවත් විශ්ලේෂණයකට අනුව පැවසෙන්නේ ඉරානයේ නිහඬ බවේ පණිවිඩය ඊළඟ ලෝක යුද්ධයේ ආරම්භය වන්නට ද හැකි බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක