හෙට (30) දිනය තුළ උතුර, උතුරු මැද පළාත් වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි හෙට ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් ය.අද දිනයේඋතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින සේම උතුරු පලාතේ දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තව දුරටත් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.