දෛනික විදුලි කප්පාදුව හෙට(02) පැය 7යි මිනිත්තු 30 කාලයක් තෙක් දීර්ඝ කෙරෙන බව නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය දුන් බව ද කොමිසම පවසයි.මේ අනුව හෙට උදෑසන 8.30 සිට සවස 6 දක්වා කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 6 සිට රාත්රී 11 දක්වා කාලයේදී තවත් පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.මේ අතර ලබන 05 වන දා සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබා දිය යුතු බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටීම ද විශේෂත්වයකි.