ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමට වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

ඇය පැවසුවේ අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවය.

එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

කාලීන පුවත්