“ෆොනීට එරෙහි විනය ක්‍රියා මාර්ග ගන්න” ආසන සංවිධායක වරු සජිත් ගෙන් ඉල්ලති

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.සංවිධායකවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදීය.මෙම හමුව සඳහා මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සහභාගිවී ඇත.

කාලීන පුවත්