අගමැතිට ඉවත් නොවන්නැයි බල කරන පිරිසක් අද අරලියගහමන්දිරයට

කලින් කරන ලද සැළසුමකට අනුව අද(09) පෙරවරු 09 ට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන පළාත් පාලන නියෝජිතයින් ඇතුළු ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලන ප‍්‍රබලයින් රැසක් අරලිගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.එහි දී ඔවුන් අගමැති වරයා ගේ ඉල්ලා අස්වීමේ තීරණයට විරෝධය පළ කිරීමට ද නියමිත ය.අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත මේ වන විටත් යොමු කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන මුත් එම උද්ඝෝෂණය අනුව ජනාධිපති වරයා අගමැති වරයාගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිනොගනු ඇත්ද යන්න කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ.

කාලීන පුවත්