අගමැතිට යන්න එපා කියන ජන හමුව අරලියගහ මැදුරේ දී

කලින් සැළසුම් කොට තිබූ අන්දමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස් නොවන ලෙස බලකෙරෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුව මේ වන විට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි.මේ සඳහා පොදු ජන පෙරමුණේ ආධාර කරුවන් විශාල පිරිසක් පැමිණ සිටින අතර අගමැති වරයාගේ අනුදැන්ම මත මෙය මීට දින කිහිපයකට පෙර සිට සංවිධානය කරන ලද්දක් බව ප්‍රාදේශීය ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති වරයාට ඉවත් නොවන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා ප්‍රකාශ කරවා ගැනීම මෙම හමුවේ අරමුණ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කරයි.

කාලීන පුවත්