අගමැතිට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ඇතැම් දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් බලපෑම් එල්ල කිරීම මත ඒ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එම යෝජනාව සම්මත කිරීමට අදහස් කර සිටියි.වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවල කොටස් මේ වන විටත් එකඟත්වය පළ කිරීමට සූදානමින් සිටින බවත් එම පිරිස 120ක් හෝ ඊට වැඩි වනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්