අගමැති ඉල්ලා අස්වන බවට පළ වන මාධ්‍ය වාර්තා බොරු

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවට පළවන සියළුම මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.ඊයේ(06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් සිදුකර තිබූ බවත් ලබන සඳුදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් ව ඇති බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා පවසයි.කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු ඉල්ලීමක් නොකළ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කළ බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්