අගමැති ඉල්ලා අස්වීමට කැමති වෙයි

රාජපක්ෂ අවුල් පාලනය සම්බන්ධයෙන් පළ වන ජනතා අප්‍රසාදය දිනෙන් දින ඉහළ යන වකවානුවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වෙයි. , ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.ඉන්පසුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ රාජපක්ෂ අවුල් පාලනයෙන් තොර නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට ද නියමිතය.ගත වූ යුගයේ මෙරට අමාත්‍යංශ සැලකිය යුතු ප්‍රමාණයක මූල්‍ය බලය රාජපක්ෂ පවුල සතුව තිබූ බව ද මේ වන විට අනාවරණය වී තිබේ.මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවක් වෙනුවට ජාතික එකගතා ආණ්ඩුවක් නමින් නව පාලනයක් ඇරඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති ව තිබේ.

කාලීන පුවත්