අගමැති ඉල්ලා අස් නොවන්නේ නම්”පාකිස්ථාන් ක්‍රමයට “නෙරපා හැරිය හැකියි

නව අගමැති වරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ අවධාරණය කරති.උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිනුයේ අගමැති වරයා එසේ එසේ තනතුරින් ඉල්ලා අස් නොවන්නේ නම් පකිස්තාන හිටපු අගමැති වරයා තනතුරින් පහ කළාක් මෙන් විශ්වාස භංග යෝජනාවකින් අගමැති වරයා තනතුරින් පහ කළ යුතු බවකි.
ආණ්ඩුව තුළ පැන නැඟී ඇති වර්තමාන බල අරගලය හමුවේ ස්වාධීන වන බවට දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ එසේ පැවසූහ.

කාලීන පුවත්