අගමැතිනිය ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කරයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ හා ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සහ ඔවුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරුණු බව සඳහන්.

මෙම සාකච්ඡාව සදහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේය.

කාලීන පුවත්