අග්‍රගන්‍ය සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි දැයෙන් සමුගනී

දශක කිහිපයක් මුළුල්ලේ සිංහල සංගීත ක්ෂේත්‍රයට අති මහත් සේවයක් කළ අග්‍රගන්‍ය සංගීත වේදියකු සහ ගායකයකු වූ , සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද( 28) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වූ සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි පෙරේරා ලෙසින් අගනුවරට නොදුරු ගොතටුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලක දරුවකු ලෙස 1942 වසරේ පෙබරවාරි 15 වන දා මෙලොව එළිය දුටු මෙම අග්‍රගන්‍ය කලා කරුවා ඉන්දියාවේ ලක්නව් හි භාත්කන්ඩේ සරසවියෙන් සංගීත විශාරද සහ සංගීත් නිපුන් උපාධි හිමි කර ගෙන සිය දහස් ගණන් ශ්‍රී ලාංකේය දරු පරපුරකට සප්ත ස්වරය හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ ගුරු පියකු ලෙස ද ඉමහත් සේවයක් ඉටු කොට ඇත.දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු කියති.

කාලීන පුවත්