ඉන්ධන මිල අඩුවීම නිසා 2% පහත දැමූ බස් ගාස්තු දැන් ක්රියාත්මකය. ඩීසල් මිල රුපියල් 20 කින් අඩුවීම නිසා බස් ගාස්තුව මෙසේ අඩු කර ඇත. ඒ අනුව දැනට රුපියල් 40 ක් වන අවම ගාස්තුව රුපියල් 38 ක් දක්වා අඩු කර තිබේ. අර්ධ සුඛෝපභෝගී අධිසුඛෝපභෝගී (අධිවේගී මාර්ග ) අධි සුඛෝපභෝගී ආදී සියලු සේවා සඳහා ද මෙම සංශෝධනය අදාල වෙයි.