අතරමං වූ මාස තුනේ “අලි බබා” වනජීවී භාරයට

පුත්තලම, කොට්ටුකච්චිය වෙල් යායේ අතරමංව සිටි මාස තුනක් පමණ වයසැති කුඩා අලි පැටවකු ගම්වාසින් විසින් අල්ලාගෙන ඊයේ (09) උදෑසන වනජීවි නිලධාරීන් වෙත භාර දී තිබේ.පසුව වනජීවී නිලධාරීන් විසින් එම අලි පැටවාව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කර ඇත.ගම් වාසීන් පවසනුයේ මේ දිනවල ආණ්ඩුව ගම්වැදුණු වන අලින් නැවත වනාන්තර වෙත පලවා හැරීම් සිදුකරන බැවින් එසේ පලවා හරිමින් සිටි අලි රංචුවක අලි පැටවෙකු මෙලෙස අතරමංවී ඇති බවකි.

කාලීන පුවත්