අප්‍රිකා, මැද පෙරදිග හා නැගෙනහිර ආසියානු කලාපය වැනි මෙතෙක් අත්පත් කර නෙගත්, වැඩි අවධානයක් යොමු නොකළ වෙළඳපොළවල්වෙත පිවිසීමට රජයක් ලෙස උපායමාර්ගික සැලසුම් වලට එළඹීමට සූදානම් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික සහතිකපත් ප්රදානෝත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පවත්වා තිබේ.
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පුහුණු හා පර්යේෂණ කාර්යන්හි සංවර්ධනය හා නියාමනය සඳහා ස්ථාපිත කර ඇති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.
මෙම ආයතනය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට අදාල පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරන අතර ක්ෂේත්රයට අදාළ පුහුණු පාඨමාලා 21 ක් ද පවත්වාගෙන යනු ලබන අතර 2023 හා 2024 වර්ශයන් වලදී මෙලෙස පවත්වනු ලැබූ පාඨමාලා සාර්ථකව අවසන් කළ 225 දෙනෙක් සඳහා මෙලෙස ඩිප්ලෝමා හා NVQ සහතික පත්‍ර ප්රදානය කර තිබෙන බවයි සඳහන් වෙයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ අප්‍රිකා, මැද පෙරදිග හා නැගෙනහිර ආසියානු කලාපීය වෙළඳපළ වෙත ශ්‍රී ලාංකාවේ අවදානය නිසි ලෙස යොමුවී නොමැති අතර මැණික් හා ස්වර්ණාභරණ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින එම වෙළඳපළවල් වෙත අවධානය යොමු කර එම වෙළඳපළවල් තුළ මෙම ක්ෂේත්රයට පවතින ඉහළ ඉල්ලුමේ වාසිය, මනා නිපුණතාවයන්ගෙන් යුතු මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීන් සිටින අප ලබාගත යුතු බවයි.
එම වෙළඳපළ අත්පත් කර ගැනීම සඳහා උපායමාර්ග සැලසුම් වලට එළැඹීමට රජයක් ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනලදි .