අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයන් හෙට වැඩට ආ යුතු නැහැ

හෙට(20) දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.එමෙන්ම දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බව ද සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද ඔහු කියා සිටියේය.එමෙන්ම නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බවත් මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බව ද හෙතෙම පැවසීය.

කාලීන පුවත්