6 වැනි සෙනසුරාදා සිදු වූ 3 වැනි චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය ජාත්‍යන්තර කරළියේ ප්‍රධානම සිදුවීමක් විය. බ්‍රිතාන්‍යය තුළ මෙවැනි උත්සවයක් පැවැත්වුණේ වසර 70 කට පසුව යි.
ලොව විවිධ රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු ආරාධිතයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ මෙම උත්සවය පැවැත්වුණේ ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ යි. දවස පුරා වැසිබර තත්ත්වයක් පැවතියත් උත්සවය කිසිදු බාධාවකින් තොරව සැලසුම් කළ ආකාරයෙන්ම පවත්වන්නට හැකි විය. ඊට පෙර දින සවස රජු මෙන්ම විලියම් කුමරු සහ කේට් ද ඒ වනවිටත් බකිංහැම් මාලිගය අසළ රැස්ව සිටි ජනතාව හමුවීමට ගොස් ඔවුන් සමග සුහද පිලිසඳරේ යෙදී සිටින ආකාරය ද මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණි.
ලන්ඩන් වේලාවෙන් සෙනසුරාදා උදෑසන 6 යේ සිට මහ ජනතාවට රජු ගමන් කරන මාර්ගය දෙපස රැස් වීමට ඉඩ දෙනු ලැබිණි. ඇතැමුන් දින දෙක තුනකට පෙර සිටම එහි පැමිණ සිටි බව මාධ්‍යවේදීහු වාර්තා කළහ. උදෑසන 8.30 පමණ වනවිට අමුත්තන් වෙස්ට්මින්ස්ටර් දේවස්ථානය වෙත සේන්දු වීමට පටන්ගෙන තිබිණි. ඒ වනවිට බකිංහැම් මාලිගයේ සිටි චාල්ස් රජු සහ කැමිලා බිසව දේවස්ථානය වෙත එනු පිණිස මාලිගයෙන් පිටත් වූයේ පෙරවරු 10.20 ට පමණ ය.
ඔවුන් දෙදෙනා ගමන් කළේ අශ්වයන් සය දෙනෙකු විසින් ඇදගෙන යන ලද දියමන්ති ජුබිලි රාජකීය අශ්ව රථයෙනි. රාජකීය යුවළ රැගත් පෙරහැරට හමුදා සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් ද එක්ව සිටියහ. මෙම පෙරහර හැඳින්වුණේ රජුගේ පෙරහර (King’s Procession) යනුවෙනි. අශ්ව රථය තුළ වාඩි වී හුන් රජු සහ බිසව මග දෙපස සිටි ජනතාවට ආචාර කරමින් යනු දැකිය හැකි විය.
පෙරවරු 11 ට ආසන්න වෙද්දී චාල්ස් රජු සහ බිසව දේවස්ථානය වෙත සේන්දු වූහ. අභිෂේක මංගල්‍යයේ කටයුතු ආරම්භ වූයේ එයින් පසුවයි. උත්සවය මෙහෙයවනු ලැබුවේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බි විසිනි. එය ප්‍රධාන වශයෙන්ම රජුගේ බලය මෙන්ම රජු සහ ආගම අතර ඇති සම්බන්ධය ද ප්‍රබල ලෙස පිලිබිඹු කරන ආකාරයේ චාරිත්‍රවලින් සමන්විත උත්සවයකි. එමෙන්ම සංගීතය ද මෙහි විශාල වැඩකොටසක් ඉටු කළ ආකාරයක් දැකිය හැකි විය. මෙහි කටයුතුවලට විවිධ ජාතීන්ට අයත් අය මෙන්ම කාන්තාවන් ද වැඩි වශයෙන් සහභාගි වී සිටිනු දැකිය හැකි වූ අතර චාල්ස් රජු සමාජ සංස්කෘතික විවිධත්වයට ගරු කරන්නකු වීම ඊට හේතුවක් වන්නට ඇත.
රැස් ව සිටි පිරිස ‘දෙවියන් රජු රැක දේවා’ (God Save the King) යයි කියමින් චාල්ස්ව තම රජු ලෙස පිලිගැනීම, චාල්ස් රජු දිවුරුම් දීම, රාජභාණ්ඩ පිලිගැන්වීම, ශුද්ධ වූ තෙල් ගැල්වීම, ඔටුනු පැළඳවීම මෙම උත්සවයේ වඩාත්ම කැපී පෙනුණු අවස්ථා විය. කුරුසය සහිත යෂ්ටිය, පරෙවියා සහිත යෂ්ටිය, කුරුසය සහිත ගෝලය මෙහිදී රජු වෙත පිලිගැන්වූ රාජ භාණ්ඩ යි. කුරුසය සහිත යෂ්ටිය රජුගේ බලය සහ සාධාරණ බව නියෝජනය කරන සංකේතයකි. පරෙවියා සහ යෂ්ටියෙන් සංකේතයට නගන්නේ රජුගේ අධ්‍යාත්මිකත්වය යි. කුරුසය සහිත ගෝලය ක්‍රිස්තියානි ලෝකය නියෝජනය කරන සංකේතයක් ලෙස සැලකේ.
රාජාභිෂේක උත්සවයේ වඩාත්ම පූජනීය ආගමික අංගය වන්නේ ශුද්ධ වූ තෙල් ගැල්වීමයි. එය සිදු කිරීමට පෙර රජු අසුන්ගෙන සිටින අභිෂේක පුටුව හතරවටින් ආවරණය කරනු ලබයි. ඒ නිසා එම අවස්ථාව දැක ගැනීමට රැස්ව සිටින පිරිසට හෝ ජනතාවට හෝ අවස්ථාවක් නොලැබේ. චාල්ස් රජුගේ අභිෂේකයේදී ද එම චාරිත්‍රය ඒ ආකාරයෙන්ම ඉටු කෙරිණි. මෙහි දී ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ රජුගේ හිසෙහි, පපුවෙහි සහ දෑත්වල ශුද්ධ වූ තෙල් ආලේප කිරීමයි. මෙම තෙල් ක්‍රිස්තුස්වහන්සේ උපන් දේශය වන ජෙරුසලමේ දී ශුද්ධත්වයට පත් කරන ලද ඒවා බව සඳහන් වේ.
රජුට ඔටුනු පැළඳවීම ද ප්‍රධානම කටයුත්තක් වූ අතර එම කටයුත්ත ඉටු කරන ලද්දේ ද කැන්ටබරි හි අගරදගුරු විසිනි. එහි දී භාවිත කරන ලද්දේ ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න නමින් හැඳින්වෙන ඔටුන්න යි. රජෙකු හෝ රැජිනක මෙම ඔටුන්න පළඳින්නේ අභිෂේක උත්සවයේ දී පමණක් බව සඳහන් වේ. කි.ග්රෑ. 2 ක් බර මෙම ඔටුන්න නිර්මාණය කර ඇත්තේ 1661 වසරේ යි. ඒ අනුව එය වසර 362 ක් පැරණි ඔටුන්නකි. මෙයට පෙර රජවරුන්/ රැජිනන් සය දෙනෙකු අභිෂේක කිරීමේ දී මෙම ඔටුන්න භාවිත කර තිබිණි.
මෙම උත්සවයේ දී අභිෂේක කරන ලද්දේ 3 වැනි චාල්ස් රජු පමණක් නොවේ. කැමිලා රැජින ද එහි දී අභිෂේක කරන ලදී. ඇයට ද එම උත්සවයේ දී ඔටුන්නක් පළඳවනු ලැබිණි. එය හැඳින්වෙන්නේ මේරි රැජිනගේ ඔටුන්න (Queen Mary’s Crown) නමිනි. 1911 වසරේ නිමවන ලද එය රිදියෙන් තනන ලද්දක් වන අතර දියමන්ති 2,200 ක් ඊට සවි කර තිබේ. එහි බර ග්‍රෑම් 590 කි.
චාල්ස් රජු සහ කැමිලා රැජින වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිට නැවත බකිංහැම් මාලිගය දක්වා පැමිණියේ ද අලංකාර පෙරහැරකිනි. අභිෂේක පෙරහැර (Coronation Procession) නමින් හැඳින්වුණු මෙම පෙරහැර පළමු පෙරහැරට වඩා විචිත්‍ර පෙරහැරක් විය. හමුදා සාමාජිකයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි වූ අතර එක්සත් රාජධානියේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල හමුදා සාමාජිකයන් ද ඊට සහභාගි වීම විශේෂත්වයක් විය.
රාජකීය යුවළ බකිංහැම් මාලිගයට පැමිණ ටික වේලාවකට පසු ඔවුන් සහ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මාලිගයේ සඳළුතලයේ හිඳ ජනතාවට ආචාර කළ අතර කෙටි ගුවන් සංදර්ශණයක් ද පැවැත්විණි. අයහපත් කාලගුණය නිසා මෙම ගුවන් සංදර්ශණයේ පරිමාණය තරමක් අඩු කළ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
රජ කිරුළේ මීළඟ උරුමක්කාරයා වන විලියම් කුමරු සහ ඔහුගේ පවුලේ අය මෙම උත්සවයේ දී විවිධ කටයුතුවලට සහභාගි වෙද්දී චාල්ස් රජුගේ දෙවැනි පුතු හැරී කුමරු පසුපෙල ආසනයක සිටින අයුරු දැකිය හැකි විය. ඔහු 2020 වසරේ සිට රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත්ව සිටින කෙනෙකු වන බැවිනි. උත්සවයට සහභාගි වූයේ ද හැරී කුමරු පමණි. ඔහුගේ බිරිඳ මෙගන් මාර්කල් ඊට සහභාගි නොවූවාය. පසුගිය කාලයේ ඇය සහ රජ පවුල අතර විවිධ ගැටලු ඇති වූ බව රහසක් නොවේ.
හැරී කුමරුගේ වැඩිමල් පුතු වන ආචි ගේ සිව්වැනි උපන් දිනය ද එදිනටම යෙදී තිබූ නිසා හැරී කුමරු අභිෂේක උත්සවයේ කටයුතු අවසන් වූ විගසම නැවත ඇමරිකාව බලා පිටත් වූ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
නිහාල් පීරිස්