පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පමණ පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
පාචනය ,වමනය සෑදුණ පිරිස අතර කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පවසනලදි.
බලකාවල කොඩිගහකන්ද ගම්වාසීන් දින 07ක් තිස්සේ ගංවතුරින් කොටු වී වටවී ඇති බවත් ලෙඩ රෝග පැතිරී අන්ත අසරණ වී ඇති බවත් කියති.
වෛද්‍ය කණ්ඩායමක් ඔරුවකින් අවශ්‍ය ඖෂධ රැගෙන ගම්මානයට ගොස් රෝගීන් පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම සිදු කරති.