අදත් ගිගුරුම් සහිත සහ තද සුළං

අද(15) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවය.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර මෝඛා” සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් ආකාරයට .ඊසා දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති “මෝඛා” සුළි කුණාටුව ඊයේ (14) දහවල් කාලයේ දී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩබිමට ඇතුළු වී තිබේ.ඉදිරි පැය 24 තුළ දී එය පීඩන අවපාතයක් සහ අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්