අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්

අද(22) දිනයේත් කාණ්ඩ තුනක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ රට පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත.

මෙගා වොට් 541ක් විදුලිය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට උවමනා ඉන්ධන බලාගාර වෙත නොලැබීම මුල් කොට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් මෙම අවසරය ලබා ගෙන තිබේ.

එමෙන්ම ජල විදුලි නිෂ්පාදය සඳහා යොදා ගන්නා ජලාශ බොහොමයක ජලය පසුගිය කාලයේ විදුලිය නිපදවීමට වැඩිපුර යොදා ගැනීම,ඉන්ධන ආයනනය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම යන කරුණු මත මෙම අර්බුදය ඉදිරියේ දී තවත් දික් ගැස්සෙනු ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්