අද දිනය තුළ(21)දකුණු පළාත ඇතුළු දිවයිනේ සෙසු පළාත් වල දිවා සහ සන්ධ්‍යා කාල වල දී විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇතැයි මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඒ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් විදුලිය නිෂ්පාදනයක් සිදු වීම හේතුවෙනි.ඒ අනුව අද දකුණු පළාත තුළ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලයේදී පැය තුනක විදුලි කප්පාදුවක් ද සෙසු පළාත්වල කලාප වශයෙන් පෙරවරු 08.30 සිට පස්වරු 07.30 දක්වා කාලසීමාවේ දී පැයක විදුලි කප්පාදුවක් ද සිදු කිරීමට නියමිතය.