අදයි හෙටයි දවල්ට විතරක් පැය තුනක විදුලි කප්පාදුවක්

අද(26) සහ හෙට දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුවක් සිදු කරන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.සභාපති වරයා සඳහන් කළේ ඇ,ඹ් සහ C කලාප සඳහා, පෙරවරු 8.30 සිට පසුවරු 5.30 දක්වා කාලය තුළ පැය තුනක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන අතර අනෙකුත් කලාප සඳහා දිවා කාලයේ විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 30 කට සීමා කරන ලෙසද කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවකි.කෙසේ වෙතත් දැනට පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරි දිනවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල විය හැකි බව ද රත්නායක මහතා පවසයි.

කාලීන පුවත්