අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් හෙට (06) රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මන්නාරම සහ පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව බවයි වාර්තා වෙයි.

එම ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මඟින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක් ගෙවීමට එකඟ විය.

අදාළ එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත් කිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්