අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පටන් ගන්නේ අපි කියන ගාණට ආවොත් විතරයි

මොන මොන ගිවිසුම ගසා තිබුණත් තම රජය කියන ගණනට එනතුරු ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.ජනාධිපති වරයා මේ බව කියා සිටියේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.අදාල ගිවිසුමට අනුව සුළං විදුලි ඒකකයක් රුපියල් 25 කට ශ‍්‍රී ලංකා රජයට අලෙවි කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා එම ගිවිසුම අනුවම කටයුතු කරන ලෙසත් පවසා ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.එහෙත් එය ආරම්භ නොකිරීම අපරාධයක් සේ හිටපු ජනපති වරයා පැවසුව ද නියම අපරාධය වන්නේ එම මිල යටතේ එය ඇරඹීම බවත් ජනපති වරයා පවසයි.අදානි සමාගම මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇත්තේ නව රජය විසින් මුල් ගිවිසුම් ගත මිල ගණන් වලට එකග නොවීම හේතුවෙන් බව පැවසෙන අතර.අනතුරුවද ඔවුන් දැනුම් දෙන ලද්දේ කිසිසේත්ම මුල් ගිවිසුමෙන් ඉවත්ව කටයුතු කිරීමට සමාගම සූදානම් නැති බව ය.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් 04 වැනිදා ශ්‍රී ලංකා නිල සංචාරයක නිරත වීමට දින යොදා තිබියදී වීම විශේෂත්වයකි.

කාලීන පුවත්