පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරු දෙපළක් මෙවර කෘෂි අස්වනු සැලකිය යුතු ආකාරයෙන් පහළ වැටෙන බවට පුරෝකතන ඉදිරිපත් කරති.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ රසායනික පොහොර හා පලිබෝධනාශක හිඟවීමෙන් වී, බඩ ඉරිඟු මෙන්ම තේ අස්වැන්නේත් විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු සරු බව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු විය හැකි බව පවසයි.එමෙන්ම මෙය අතිශය සංවේදී විෂය පථයක් වන කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව දුරදිග නොබලා ගත් අදූරදර්ශී තීරණයක අවාසනාවන්ත ප්‍රතිඵල යැයි ද මහාචාර්යවරු අවධාරණය කරති.