අද ගුරු- විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු”ලෙඩ “වෙති

අද(25)ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්,ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහතුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.එම නිවේදනය මෙලෙසිනි. වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් පාලනය තුළ ඉන්ධන නොමැති කමින් හා ඉන්ධන මිල ඉහළ යාමෙන් සිසුන්ට සහ ගුරු විදුහල්පතිවරුන්ට පාසලට පැමිණීමේදී දැඩි ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත. මේ තත්වය තුළ ගමනාගමන අපහසුතා ඇති සිසුන් ඔවුන්ගේ නිවෙස්වලට ආසන්න පාසල්වලට යොමු කරන ලෙසත්, ගුරුවරු ආසන්න පාසල්වෙත ඔවුන් කැමති නම් අනුයුක්ත කරන ලෙසත්, නැතහොත් එම ගැටලුවට වෙනත් විකල්ප විසඳුමක් ලබාදෙන ලෙසත් අප සන්ධානය විසින් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
මේ තත්වය තුළ වර්තමාන ආර්ථික, දේශපාලන අර්බුදය නිර්මාණය කළ ආණ්ඩුවට ඉස්ලා අස්වීමට බල කරමින් හා සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණීමේදී සිදුවන පීඩාවන්ට සහන ලබාදීමට බල කරමින් 2022 අප්‍රේල් 25 දින සියලු ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වේ.
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්,
ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ

කාලීන පුවත්