අද ජනතාව පොදුජන පෙරමුණ දිනවන්න ඡන්දයක් එනතුරු බලා සිටිනවා

අද රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට මැතිවරණයක් එනතුරු බලා සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර වෙන කුමන පක්ෂයක් ගැනවත් ජනතාව නොසිනන බවද ඔහු සඳහන් කළේය.”දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන.ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාටත් වඩා අද ශක්තිමත්. ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය ඒ වගේමෝඩකමක් කරයි කියලා.එහෙම කළොත් ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂෙ අවසානේ තමයි”යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

කාලීන පුවත්