අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පියවර ගෙන තිබේ. ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

 

කාලීන පුවත්