උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
කඵතර ,ගාල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අනාවැකි කරණ අධ්යක්ෂ ආචාර්ය ශිරෝමණි ජයවර්ධන මහත්මිය පැවසුවාය.