ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ.
එම නිල ඡන්ද දැන්වීම් පත්රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී සිටීමට කටයුතු කරන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය 03 වනදා ආරම්භ වූ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම ලබන සතිය පුරාවටම ද සිදු කෙරෙයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පසුගිය 4, 5 සහ 6 යන දිනවල පැවැත්විය.