මේ දවස්වල අදානි සමාගම ගැන නැවතත් කතා කරන්න පටන් අරන්. මොකක්ද මේ අදානි සමාගම කියලා බලනවා නම්, මේ සමාගම අහමදාබාද්වල ආරම්භ කරලා තියෙන්නේ 1988 අවුරුද්දේ. එහි නිර්මාතෘ ගෞතම් ශාන්තිලාල් අදානි. මේ වෙද්දි ඔහු 59 හැවිරිදියි. ගෞතම් අදානි ඉන්දියාවේ ටජ් මහාල් හෝටලයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු වෙලාවෙ ත්රස්තවාදීන් විසින් රදවාගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් කෙනෙක්.
සහෝදරයින් පස් දෙනෙකුගෙන් යුතු පවුලක උපන් ගෞතම් අදානි වයස අවුරුදු 28 දි යෝජනාවක් මත විවාහ වෙනවා. ඒ ප්‍රීති කියන තරුණිය එක්ක. ගෞතම්, ප්‍රීති යුවල පුතුන් දෙදෙනෙකුගේ මාපියන්. ඒ වගේම මුණුබුරු මිණිබිරියන් තුන් දෙනෙකුගේ මුත්තනු මිත්තනියන් වෙනවා.
ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව කියන විදියට නම් ගෞතම් අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 97.3 ක්. ඔහු තමයි ඉන්දියාවේ තුන් වෙනි බලවත්ම පුද්ගලයා. අදානි සමාගම ආර්ථික ලෝකයේ විශාල වෘක්ෂයක්. ගුවන් තොටුපල, වරාය, කෘෂි නිෂ්පාදන, තෙල් සහ ඛනිජ කැනීම් ආදියේ මහා පරිමාණ විදියට නිරත වෙනවා. ඉන්දියාව හැරුණාම අදානි සමාගම තව රටවල් විශාල ගණනක විවිධ ආයෝජනවල නිතර වෙනවා.
කොහොම වුණත් අදානි සමාගම ගැන ලෝකය පුරාම තියෙන්නේ යහපත් වාර්තාවක් නෙවෙයි. එය වාංචනික, දූෂිත, අපරාධවලට සම්බන්ධ, නීති කැඩීම්වලින් පිරුණු සමාගමක් විදියට තමයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඒ වගේම තමන්ගේ කොටස්කරුවන් අතරේ බෙදී යා යුතු ලාභාංශ විවිධ ක්‍රම මගින් වංචා කිරීමෙන් තමන් සතු කර ගන්නා ආකාරය ගැනත් අදානි සමාගම ඉතාම ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නවා. ඊටත් අමතරව අදානි සමාගම තමන්ගේ නීත්‍යානුකූල නොවන යම් යම් කාර්යයන් සිදුකර ගැනීම සඳහා පගා දීලා තියන බවට සාක්ෂි සහිත ආයතන කීපයක් ගැනත් සඳහන් වෙනවා. ඒ අතරින් පොලීසිය, දේශපාලඥයින්, රේගුව, වරාය ආදී ආයතන ඉදිරියෙන්ම තිබෙනවා. ඒ කතාව එහෙම තියෙද්දි තමන්ගේ ආයතනය මගින් උපයන කළු සල්ලි සුදු කර ගැනීමේ විවිධ ක්රමවේදත් අදානි සමාගම සතුව තිබෙනවා. ලෝකයේ බලවත් රටවල් කීපයක්ම ආදානි සමාගම සම්බන්ධයෙන් මේ කාරණා සියල්ලම සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තිබෙන්නේ තවත් කිසියම් රටක් හෝ රජයක් මේ සමාගමේ ක්‍රියාකාරකම්වලට රැවටෙන එකෙන් වළක්වා ගන්නයි.
මේ සියළුම කාරණාවලින් ලඝු කොට ගන්න පුළුවන් දේ තමයි අදානි කියන්නේ කිසිසේත්ම විශ්වාසයට ගත හැකි සමාගමක් නෙවෙයි කියන කාරණය. තමන්ට සැලසෙන සෙතක් වෙනුවෙන් ඕනෑම අපරාධයක් කරන, ඕනෑම නීතියක් කඩන සමාගමකට හොඳම උදාහරණය තමයි මේ කියන අදානි සමාගම.
ඒ වගේම වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා කවදාවත් අදානි සමාගමට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව නරේන්ද්‍ර මෝදි ගෞතම් අදානිගෙන් අරගෙන තියෙන්නේ ප්‍රත්‍යුපකාර කරලා නිම කරන්න පුළුවන් විදියේ උදව් නෙවෙයි. උදාහරණයක් විදියට ඉන්දියානු ජනාධිපතිවරණ සමයේ නරේන්ද්‍ර මෝදි ගමන් බිමන් සඳහා සම්පූර්ණයෙන්ම පාවිච්චි කළේ අදානි සමාගමට අයත් පෞද්ගලික ගුවන් යානා විතරයි. ඒ වගේම අදානි සමාගම මෝදිගේ මැතිවරණ වැඩපිළිවෙල වෙනුවෙන් වැය කළ මුදල මෙච්චරක් කියලා කියන්න බැරි තරම්. ඒ සියල්ලටම කරන ප්රත්යුපකාරයක් විදියට කවදාවත් ඉන්දියානු රජය අදානි සමාගමට විරුද්ධව ඇඟිල්ල දිගු කරයි කියලා හිතන්න බැහැ.
මේ වෙද්දි උගත් සහ විද්වත් සියලුම ඉන්දියානුවන් අදානි සමාගමේ හැටි ගැන ඉතාම හොඳින් දන්නවා. ඒ නිසාම ඔවුන් මේ සමාගම විවේචනය කරන්න පටන් අරන්. ඉන්දියානුවන්ටත් එපා වුණු ඉන්දියානු සමාගමක් එක්ක තමයි අද ශ්‍රී ලංකාව ගනුදෙනු කරන්න සූදානම් වෙන්නේ.
ඉන්දියානු රජය ඇති වෙන්න කත් අදින මෙකී අදානි සමාගම ම තමයි අපේ රටටත් ඇවිදින් කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය අරගන්න උත්සාහා කළේ. ඉතින් කොච්චර නීති තිබුණත්, කොච්චර ගිවිසුම් තිබුණත් ඒවා අසුරු සැනින් කඩලා බිඳලා දාන්න සමත් මේ වගේ සමාගමක් අපේ රටට වද්දා ගැනීම පවා පුදුමයට කරුණක්. තමන්ගේ රටේ සුළු ගොවීන් ගැන හිතන්නේ නැති ඉන්දියානු රජය වෙනත් රටක මහජනතාව ගැන හිතලා ඒ අයට සාධාරණයක් කරයි ද කියන එක ගැන සාමාන්‍ය ජනතාව වුණු අපි විතරක් කතා කරලා වැඩක් නැහැ. ඒකට ඇරෙන්න ඕනෙ ලොකු ලොකු පුටුවල ඉන්න අයගේ ඇස්, කන්, කටවල් බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නැහැ.
දුලංජලී මුතුවාඩිගේ