අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද? යන තීරණය උදෑසන

අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේය.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය විණි.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය. එම නිසා 10 සහ 11 දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, ඊයේ (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

කාලීන පුවත්